Featured Posts

<< >>

2. වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ – 43. පිටුව

ඉවසීමක් දැක්වූ සිංහලයන් ගේ හොද හිත් දිනාගැනීමට සමත් වූ හ. වන්දනා නඩවලට සම්බන්ධ වී ශ්‍රී පාදය පිහිටි සමනොළ හිර නැග එහි සිද්ධස්ථානය වැද පුදාගෙන ආපසු එන ගමනේ ඩි මැණික් ද

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – 1. හැඳින්වීම – 27 පිටුව

දෙන ලද 1760 ගැටබේරිය සන්නස ඒ සඳහා නිදසුනකි. මුස්ලිම් පරම්පරවලට දෙන ලද එවැනි සන්නස් සමුහයකින් සොයගත හැකි අතලොස්සන් මෙය ද එකකි. ඒ.සි.ලෝරි ‘ගැසටියර් ඔෆ් ද සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ඔෆ් සිලෝන්’ නම

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – 1. හැඳින්වීම – 26. පිටුව

  මේ  අධ්‍යනයේ දී , රජවරුන් සහ රාජසභා , දේශපාලනය සහ යුද්ධ ගැන සඳහන් වන ඉතිහාසයේ සම්ප්‍රදායික මතයෙන් බැහැර වෙමින් සාමාන්‍ය ගැහැනු පිරිමින් ගේ ජන ජීවිතය කෙරෙහි අවධානය යොමු කරනු

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – 1. හැඳින්වීම – 25. පිටුව

ඔවුන් ගේ දරුවන් ඉස්ලාම් ආගමට හරවාගත් හ. මේ ක්ද මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අත්හැර ඉස්ලාම් ආගම වැලදගත් සැලකිය යුතු ප්‍රමාණයක් වූ නිසා සංඛ්‍යාත්මක  වශයෙන් වර්ධනය විය.දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය වර්ධනය

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – 1. හැඳින්වීම – 24. පිටුව

සිංහල රජවරුන් ගේ කරුණාඛර ආකල්පය මුස්ලිම්වරුන්ට පමණක් සීමා නොවී ය.හින්දු කෝවිල් සහ දේවාල උඩරට රාජධානියේ රාජ්‍ය අනුග්‍රහය ලන් ආගමික සංවිධානයේ  කොටසක් විය.2 වන රාජසිංහ රජු (1635-1681) නුරුස්සන්නට රොබට් නොක්ස්ට කොනෙකුත්

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915

1

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – ii පිටුව

2

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – iii පිටුව

33

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – iv පිටුව

44

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු- පෙරවදන – v පිටුව

පෙරවදන

මේ අධ්‍යනය භාර ගැනීම සදහා ආචාර්ය ලෝනා දේවරාජ් මහත්මිය එකග කරවාගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙමි.එසේ ම ඒ පිළීබඳ ව පළමු කොට ම, ආචාර්ය ලෝනා  දේවරාජා  මහත්මියට මා ප්‍රශංසා කළ යුතු යි. ඇය මේ අධ්‍යනය නිම කිරීමේ දී උසස් ව්ද්වත් භාවයක් පෙන්නුම කර ඇතිවා පමණක් නොව මෙයට ප්‍රවේශ වී ඇත්තේ මනා අවබෝධයක්ද සහිතවය.

‘ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900-1915’ පුරෝගාමී කෘතියකි. මා දන්නා තරමින්, පැරණි උඩරට රාජ්ධානියේ මුස්ලිම් ජාතිකයන්ගේ ඉතිහාසය පිළිබඳව පමණක්ම අවධානය යොමුකළ ප්‍රථම අධ්‍යනය මෙයයි. දිර්ඝ කාලයක් මුඑල්ලේ පැවති අවශ්‍යතාවක් මෙයින් සපුරාලනු ලබනවා පමණක් නොව එතරම් පර්යේෂ්ණයකට ලක් වී නොමැති යම් යම් ක්ෂේත්‍ර පිළීබද විස්තරයක් ද මින් ඉදිරිපත් කෙරේ.

අගනා කෘති ගණනාවක් ලියා ඇති ආචාර්ය ලෝනා දේවරාජ් මහත්මිය මේ අධ්‍යනයට අත ගැසීමට හැම අතින්ම සුදුසුකම් ලබා සිටි. ප්‍රබුද්ධ ඉතිහාසඥවරියක වශයෙන් කීර්තියක් ලබා සිටින, උඩරට කලා පරිවිජේදය පිළිබඳ හසළ දැනුමක්  ඇත්තියක ද වන බැවින් ඇය මේ අධ්‍යනය භාරගැනීම අපගේ භාග්‍යකි .

මේ සම්බන්ධයෙන් ඇය බොහෝ පර්යෙෂණ සහ ක්ෂේත්‍ර කටයුතු සිදුකර ඇත. සරල ශෛලියක් අනුගමනය කරමින් පාඨකයාගේ අවධානය ඇඳ  බැඳ තබගැනීමට හැකි අකාරයෙන් මේ කෘතිය ලියා ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ  ආරම්භය පිළිබඳ ගැඹුරැ අධ්‍යයනයක් මෙයින් සිදු වී ඇතැයි කෙටියෙන් කිව හැකිය. ‘සිංහලයන් වන අප ජීවත් වී ඇති කාලය තරම් ම දීර්ඝ

 

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු- පෙරවදන – vi පිටුව

 

කාලයක් ලංකා මුස්ලිම්වරුන් ද ලංකාවේ ජීවත් වී ඇත’ යනුවෙන්  එස්. ඩබ් . ආර්. ඩි. බණ්ඩාරනායක මහතා පළ කළ අදහස අතිශයෝක්තියක්  වශයෙන් සැලකුවද, මුස්ලිම්වරුන්ගේ ආරම්බය ශත වර්ෂ ගණනාවකට ඉහත දී සිදු වුවක් බැවි ප්‍රසිද්ධ කරුණකි. තම් යටගියාව පිළිබඳ දැනුමක් ජනතාවට තිබිය යුතුය. ඔවුන්ට යටගියාවක් ඇත්නම්, එය නොසලකා හැරීමට උත්සහ නොකළ යුතු බවට නියමනක්ද ඇත.

ජනතාව තම ඉතිහාසය කර ගසාගෙන ඉදිරියට පිය නගතැයි යන්න සත්‍යයකි. තමා උරුමය ගැන පැහැදිලි අවබෝධයක් නොමැති ජනතාවකට ඔවුන්ගේ රටේ පුරවැසියන් වශයෙන් හිමි කාර්ය භාරය මැනවින් ඉටු කළ නොහැකිය. ඊටත් වැඩියන්, තම් යටගියාව පිළිබඳ  දැනුමක් නොමැති ජනතාවකට, අනාගතයක් ද තිබිය නොහැකි බව ඉතිහාසය විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

තම් ඉතිහාසය පිළිබදව ජ්නතාව දක්වන උනන්දුව ස්වාභාවික  මෙන්ම අගය කළ යුතු සංසිද්ධියෙකි. එසේ වූවද, අප සමාජය වැනි බහු වර්ගික සමාජයක මෙවැනි අභ්‍යාසයක යෙදීමේදී පරෙස්සම්වය යුතුවේ. සත්‍යට ඇප කැප වීම ඉතිහාසඥයා යුතු කම වියයුතුය. ඉතිහාසය අර්ථකථනය කිරීමේදී අයහපත් කරුණු ඕනෑවට  වඩා හුවා නොදැක්වීමට සහ යහපත් කරුණු පිළිබදව සෑහෙන ප්‍රචාරයක් දීමට වග බලාගත  යුතු වේ. වාසනාවකට මෙන්, අපගේ ඉතිහාසයේ මුස්ලිම්වරුන් ඉටු කර ඇති කාර්ය භාරය ඇගැයීමේ දී යහපත් අංග බහුල ව ඇති බැවි පෙනේ.

ඊ.එච්.කාර් මෙසේ ලියා ඇත. “ලිපි ලේඛන සහ ශිලා ලේඛන ආදියෙහි සාධක, මාළු ලෑල්ලක ඇති මාළු මෙන් ,  ඉතිහාසඥයා ඒවා එකතු කර , ගෙදර ගෙන ගොස්, තමා කැමති අකාරයට උයා පිහා ඒවා මෙසයට යවයි ”. තව ද කරුණු ප්‍රකාශ කැරෙනුයේ  කරුණු විසින් ම යයි කියමනක් තිබුණු බවක් ඔහු පවසයි. මෙය ඇත්තෙත් ම සාවද්‍ය කියමනකි. කරුණු ප්‍රකාශ කැරෙනුයේ ඉතිහාසඥයා එය ඉදිරිපත් කරන්නේ නම් පමණි. තව කරුණකට

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු- පෙරවදන – vii පිටුව

ඉඩ දිය යුතුද, කිනම් පිළිවෙළකට හෝ කවර අර්ථයකින් එය කළයුතු ද යනාදිය තීරණය කරනුයේ ඔහුය. ම හිතන අන්දමට “කරුණු වනාහි මල්ලක් මෙනි. එයට යමක් දමන තුරු එය කෙළින් කළ නොහැකිය” යනුවෙන් ප්‍රකාශ් කළේ පිරැනඩලෝ ගේ චරිතවලින් එකකි.

සාම්ප්‍රදායික වශයෙන්, යුද්ධ සහ කැරැලි, ඉතිහාසඥයන්ගේ සිත් ඇදගැනීමට සමත් වී ඇති නමුත්, මිනිස් කණ්ඩායම් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති සාමකාමී සහුවනය අමතක කිරීම පුරුද්දක් වී තිබේ යැයි පෙන්වා දෙන ආචාර්ය දේවරාජා මහත්මිය, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිංහල ස්වදේශිකයන් සහ මුලින් විදේශිකයන් වූ මුස්ලිම් ජාතිකයන් අතර වර්ධනය වී ඇති සුහද සම්බන්දතාව පිළබද ව මෙන් ම මේ ජාතීන් දෙකොටස අවුරුදු දහසකටයත් වැඩි කාලයක් මුළුල්ලේ සාමකාමිව එකටවුවත් වීම පිළිබඳවන් දන්නා අය වීරල බවද සදහන් කරයි. ඇතැම් විට එය ඉතා සාමකාමී සම්බන්ධතාවක් වූ බැවින් දෝ ඉතිහාසඥයින් හට නොපෙනුණා විය හැකි යැයි ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

ඉන්දියාව ඉතිහසය ලිය ඇති අකාරය විශලේෂණය කරන රොමිලා තාපර්, ඉතිහාසය පිළිබඳ අර්ථකථනයට සමකාලීන දෘෂ්ටි ඇතුළු වීම හෙළා දකියි. ‘එකට එක් වීම’ වශයන් මා හදුන්වන තත්වය බැහැර කෙරෙන තරමට ගැටුම්වලට ඉඩ දීමෙන් වැළකීම ඉතිහාසඥයා ගේ යුතුකම වන්නේය.

ඉස්ලාම් ආගම ඉන්දියාවට ප්‍රවේශ් වුයේ රටවල් අල්ලා ගෙන ආගමට හරවාගන්නා බලවේගයක් වශයෙනි. එහෙත් ලංකාවට අවතීර්ණ වුයේ කාලයාගේ ඇවෑමෙන්  ස්වදෙශිකයන් ගේ හොද හිත, විශ්වාසය සහ භක්තිය දිනාගත් සාමකාමී වෙළෙද ජනතාවක ගේ පොෟද්කලික ඇදහිල්ලක් අයුරින්ය. බෞද්ධාගමේ ඉවසීමේ සහ පිළිසරණ වීමේ සංකල්පය ද දායක විය. එ හැරත්, ගැටුමක් ඇති කරවිය හැකි අකාරයේ කිසි දු ආර්ථික සාධකයක් නොතිබුණු

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු- පෙරවදන – viii පිටුව

තරම්ය. එබැවින් සිංහල සමාජයට මුස්ලිම්වරුන් බද්ධ වීම, ලෝකයේ ඉතාම් කලාතුරකින් පමණක් දක්නට ලැබේන ආකාරයේ පියවරෙන් පියවරට සම අයුරින් සිදු විය.

නව සහ සංකීර්ණ ගැටලුවලට මුහුණ පෑම සදහා අද අතිශයින් වැදගත් වන සිංහල – මුස්ලිම් අවබෝධයට සැලකිය යුතු ආකාරයේ දායකත්වයක් ආචාර්ය දේවරාජ් මහත්මියගේ කෘතියේන් ලැබෙනු ඇතැයි තදින්ම විශ්වාස කරමි.

එ.සී.එස් හමීඩ්
පර්ලිමේන්තු මන්ත්‍ර සහ විදේශ කටයුතු අමාත්‍ය
1994

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – ප්‍රකාශකගෙන් – ix පිටුව


ප්‍රකාශකගෙන්

ආචාර්ය ලෝනා දේවරාජා මහත්මිය විසින් රචිත මේ කෘතිය යෝනක ඉස්ලාමිය පදනම විසින් ඉදිරිපත් කැරෙනුයේ ඉමහත් සතුටිනි.

සිංහලයන්ට මහාවංශය, චූලවංශය සහ රාජාවලිය ද, ද්‍රවිඩයන්ට යාලපනෛවපවමෙලයි ද ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ඔවුන් ගේම කියා වංශ් කතාවක් හෝ ඓතිහාසික සම්ප්‍රදායයක් හෝ නොමැත. මෙය මුස්ලිම් ජනතාවගේත් රටේත් සුභ සිද්ධිය සදහා පිරිමැසිය නොහැකි බරපතළ අඩුවෙකි.

මේ වූකලි, මුස්ලිම් ජාතිකයන්ගේ ඉතිහාසයේ බිදක් ලේඛනගත කිරීමට අප දැරෑ නිහතමානි වැයමක් පමණි. මේ සම්බන්දයෙන් උත්සාහයන්ගේ ඉතිහාසය සමස්ත ශ්‍රී ලංකාවාසින් හටම දැනගැනීමට සැලැස්විය යුතුය. එ මගින්, සුහදතාව සහ අවබෝධය විශාල වශයෙන් වර්ධනය වනු ඇතැයි අපි අදහස් කරමු.

මෙහි දී, නැසීගිය ඒ. ඒ. ලතීෆ් මහතා ගෙන් ලැබුනු වටිනා දායකත්වය සදහන් නොකළහොත්, එය මගේ යුතුකමක් මගහැරියා වනු ඇත. ඔහුගේ අත්දැකීම සහ දැනුම, ආචාර්ය ලෝනා  දේවරාජා මහත්මියගේ  වෑයමට ඉමහත් රුකුලක් වුයේය.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර හොද හිත සහ ම්ත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට මේ කෘතිය සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි යන්න අප ගේ බලපොරුතුවයි.

ඒ.සී.ඒ,ඇම්. නුහුමාන්
සභාපති
ලංකා ඉස්ලාමිය පදනම

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – ප්‍රකාශකගෙන් – x පිටුව

10

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – ස්තුතිය – xi පිටුව

ස්තුතිය

ශ්‍රි ලංකාවේ ව්දේශ කටයුතු අමාත්‍ය ගරු ඒ. සී.එස් හමීඩ් මැතිතුමාගේ ඉල්ලීම අනුව මේ අධ්‍යනය ම විසින් භාරගන්නා ලදී. අවුරුදු තිස් හතරක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ එක දිගට අප රටේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයන් සේවය කර ඇති එතුමා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු දේශපාලනඥයෙක් ද වේ. මේ කෘතියේ තේමාව වන මෙරට බහුතර ප්‍රජාව වන සිංහලයන් සහ සුළුතර ප්‍රජාවක් වන මුස්ලිම් ජාතිකයන් අතර පවත්නා සුහද මිත්‍රත්වය, එතුමාගේ දේශපාලන ජීවිතයන් මූර්තිමන් කෙරේ. අදාළ මැතිවරණ කොට්ඨාශ සයේ ජනගහනයෙන් මුස්ලිම්වරුන් සීයට දාහතක් පමණක් ව සිටියදී එහි නියෝජිතයා වශයන් පිට පිටම තෝරා පත් කරනු ලැබ්මේ විශේෂ ගෞරවයට හමීඩ් මැතිතුමා පාත්‍රව සිටී. එය අවුරුදු දහසක කාල පරිච්ඡේදයක් තුල මේ ප්‍රජා කොටස් දෙක අතර පැවති මිත්‍රත්වය ප්‍රදර්ශනය කරන මෙන්ම, එය සනාථ කරන සිද්ධියක්ද වේ. එම මිතු දහම පිළිබද විස්තර මේ පොතෙහි ඉදිරියේ හුවා දැක්වේ. ගරු ඒ.සී.එස්.හමීඩ් මහතාගේ මග පෙන්වීම සහ දිරි ගැන්වීම නොතිබෙන්නට මේ කෘතිය එළි දකිනු සැක සහිතය. එබැවින්,කර්තෘ ගේ හෘදයංගම කෘතඥතාව එතුමාට පිරිනැමේ.

මෙහි කර්තෘට නන් අයුරින් උදවු උපකාර කළ ඇය අතරින් නැසී ගිය ඒ. ඒ. ලතීෆ් මහතා විශේෂයෙන් සදහන් කළ යුතු වේ. මේ පර්යේෂණ කාර්යය පිළිබදව දැඩි උනන්දුවකින් ක්‍රියා කළ ඔහු මෙය සාර්ථක කරගැනීම සදහා වටිනා උපදෙස් දුන්නේය. එය නිම වනු දැකීමට ඔහුට නොහැකි වීම අභාග්‍යකි.

මෙහි අවසාන අත් පිටපත කියවා බලා එය වැඩි දියුණු කරනු සදහා බොහෝ වෙනස්කම් යෝජනා කළ ආචාර්ය වි. එල්. බී. මෙන්ඩිස් මහතාටද විශේෂයෙන් ස්තුති කළ යුතුය.

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – ස්තුතිය – xii පිටුව

ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතුවලදී උදවු උපකාර කළ, නම් වශයෙන් සදහන් කිරීමට නොහැකි තරම් සංක්‍යාවක් වන, සියලු දෙනාට ද කර්තෘ ගේ අවංක ස්තුතිය පිරිනැමේ. මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු උඩරට ප්‍රදේශවල නායක ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක්ද, සල්ලිකාර මුස්ලිම් ප්‍රභූවරු ද, මුස්ලිම් ආගමික ගුරුවරු හා වෛද්‍යවරු ද, මුස්ලිම් මෙන්ම බෞද්ධ ගැමියෝ කිහිප දෙනෙක්ද ඒ අය අතරට ගැනෙත්. ඈත දුර බැහැර ගම්වලදී කරන ලද සාකච්ඡා අතිශයින් විනෝදජනක මෙන්ම ඵලදායී අත්දැකීමක් වුවා පමණක් නොව, ශ්‍රී ලාංකික සමාජයේ නාගරීකරණයට ඒ තරම් හසු නොවූ වාණිජකරණයට එ තරම් යට නොවූ, දේශපාලනකරණයට එ තරම් ගැති නො වූ, අංශවල විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර වෙනත් කිසිදු ස්ථානයක පවත්නා තත්ත්වයට බෙහෙවින් වැඩි තත්ත්වයක හොද හිතක් පවතින්නේය යන කර්තෘගේ මතය කිසිදු සැකයකින් තොරව ඔප්පු කිරීමටද එ මගින් හැකි වුයේය.

ලෝනා දේවරාජ
1994 ජූනි

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

සිංහල පරිවර්තනය සදහා පූර්විකාව – ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – xiii පිටුව

සිංහල පරිවර්තනය සදහා පූර්විකාව

ජනවාර්ගික හේද උත්සන්න වීමෙන් ප්‍රචණ්ඩකාරිත්වයක් නිර්මාණය වී ඇති මේ යුගයේ, අතිශය සහයෝගයෙන්  හා සමගියෙන් චිරාත්කාලයක් එකට ජීවත් වූ ජන වර්ග දෙකක් පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක් බහුතර ජනතාවගේ බසින් පළ වීම කාලෝචිත කර්තව්‍යයකි. සැබැවින්ම, සිංහල – මුස්ලිම් දේ පිරිස අතර පැවති දීර්ඝ කාලීන සහජීවනය අප රටට පමණක් නොව, වර්ග වාදයක් උමතු වී ඇති ලොව බොහෝ සමාජවලට ද මහගු ආදර්ශයකි.

මේ සිංහල පරිවර්තනය පළ වන අවස්ථාවේ දී ව්ශේෂයෙන් සදහන් කළ යුතු පුද්ගලයෝ කිහිප දෙනෙක් වෙති. මෙහි මුල් ඉංග්‍රීසි ග්‍රන්ථ ය ලිවීමේ කාර්යය මා වෙත බාර දුන්, ශ්‍රී  ලංකාවේ ව්දේශ්  අමාත්‍ය ධුරය හෙබැවූ ඒ.සී.එම් හමීඩ් මැතිතුමා එයින් ප්‍රමුඛ වේ.අභාවප්‍රාප්ත ඒ. ඒ. ලතීෆ් මහතාට ද අචාහ්ර්ය වී. එල්. බී. මැන්ඩිස් මහතාට ද ව්ශේෂ ස්තුතියක් හිමි වේ .ඒ මෙන් ම මේ සදහා ක්ෂේත්‍ර පර්යෙෂණයෙහි යෙදෙද්දී නන් අයුරින් උදවු – උපකාර කළ අතිපූජ්‍ය මහනායක හිමිවරුන් එතුළු මහා සංඝරත්නයට ද ඉස්ලාම් පූජකවරුනට මෙන් ම බෞද්ධ හා මුස්ලිම්  ජනතාවට ද ස්තුතිය කළ යුතුව ඇත.

මහත් වෙහසක් දරා මෙ ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කළ සුමනවීර රාජපක්ෂ මහතා ද ස්තුති පූර්වක ව සිහි කළ යුතු ය.

සිංහල පරිවර්තනය නිමකොට බොහෝ කලක් ගත් වුව ද නොයෙක් හේතු නිසා මුද්‍රණය පමා විය . මහත්වෙහසක් දර මෙහි මුද්‍රණ කටයුතු මනා ව සිදු කොට මනහර නිමාවකින් යුතුව මෙය පළ කිරීම ගැන හිතවත් ජනදාස පීරිස්මහත විශේෂ ස්තුතියකට හිමිකම් ලබයි.

ආචාර්ය ලෝනා දේවරාජ්
2008 පෙබරවාරි

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

සිංහල පරිවර්තනය සදහා පූර්විකාව – ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – xiv පිටුව

14

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු-පටුන – xv පිටුව

15

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail